මාලිංග ඉන්දියාව තෝරාගනී

ලබන සැප්තැම්බර් මස 17 වනදා ඉන්දියාවේදී ආරම්භවීමට නියමිත චැම්පියන්ස් ලීග් පන්දුවාර 20 කි‍්‍රකට් තරගාවලියේදී සදර්න් එක්ස්ප‍්‍රස් කණ්ඩායම තමන් නියෝජනය නොකරන බවත් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියෝජනය කරමින් ක්‍රීඩා කිරීමට සූදානම් බව සදන් එක්ස්ප්‍රස් කණ්ඩායමේ නායක ලසිත් මාලිංග පවසයි. ඔහු මෙම තීරණය ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය වෙත ලිපියක් යවමින් දන්වා තිබේ.

මෙවර තරගාවලියට ශී‍්‍ර ලංකාවෙන් සුදුසුකම් ලබා සිටින සදර්න් එක්ස්ප‍්‍රස්  කණ්ඩායමේ නායකයා වන ලසිත් මාලිංගගේ මෙම තීරණයට ශ්‍රී ලංකා ක්‍රිකට් අයතනය විරෝධයක් දක්වා නොමැති අතර මේ සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ චැම්පියන්ස් ලීග් තරගාවලියේදී තමන් නියෝජනය කරන කණ්ඩායම පිළිබද සිය ස්වාධීන අභිමතය අනුව තීරණයක් ගැනීමට ලසිත් මාලිංගට අවස්ථාව ලබාදීමට විධායක කමිටුව තීරණය කළ බවයි.

නමුත් මීට පෙර අවස්ථාවකදී කුමාර් සංගක්කාර් චැම්පියන්ස් ලීග් තරගාවලීයේදී ඉන්දීය කණ්ඩායම නියෝජනය කිරීමට සූදානම් වූ අවස්ථාවේදී ක්‍රිකට් බලධාරීන් විසින් ඔහුට බලපෑම් කර සිටියේ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන ලෙසය. ක්‍රිකට් බලධාරීන්ගේ මෙම ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ බොහෝදෙනෙකු විරෝධය‍ ‍මේ වනවිට‍ එල්ල වෙමින් ඇති බව වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn