ආණ්ඩුව විසින් පසුගිය කාලය පුරා විවිධ කරුණු අරභයා ගැසට්, චක්රලේඛ හා නිවේදන ගණනාවක් ප්රකාශයට පත්කර ඇති නමුත් ඒවා නීතියට පටහැණි මෙන්ම ප්රායෝගිකව ක්රියාත්මක නොවන ජනතාව ව්යාකූලත්වයට පත්කරන ඒවා වී ඇතැයි චෝදනා කළ ජාතික ජන බලවේගයේ අනුර දිසානායක මන්ත්රීවරයා මෙම තත්වය වහා නිරාකරණය විය යුතු යැයි කල් තැබීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
ආණ්ඩුව විසින් නිකුත් කළ, සහල්, පොල්, සීනි ආදී ගැසට්වලට අදාළ මිල ගණන්වලට වෙළඳපලේ භාණ්ඩ මිලදී ගැනීමට නොමැති බවත් සීනි, පොල්තෙල් බදු සම්බන්ධ ගැසට් පත්ර මගින් බරපතල බදු වංචා සිදුවී ඇති බවත් පෙන්වා දුන් අනුර දිසානායක මන්ත්රීවරයා වැලි ප්රවාහන බලපත්ර ගැනීමේ අවශ්යතාවය ඇමතිවරයාගේ වාචික උපදෙස් මත අවලංගු කිරීම නීති විරෝධී බව ප්රකාශ කළේය.
අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී සිදු කළ සම්පූර්ණ ප්රකාශය පහතින් පළ වේ.









