ත්‍රීකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය සක්‍රීය කළ යුතුයි…

ත්‍රීකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය සක්‍රීය කළ යුතුයි…

ඉදිරියේදී තෙල් ගබඩා කිරීම සම්බන්ධයෙන් මතුවන අධි අවදානම් තත්වයට පිළියම් වශයෙන් ත්‍රීකුණාමලය තෙල් ටැංකි 99 භාවිතයට ගෙන සාර්ථකව පිළිතුරු සැපයිය හැකි බව විගණන වාර්තාවකින්ද තහවුරුකර තිබේ.

මෙම තෙල් ටැංකි සංකීර්ණය අලුත්වැඩියා කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 6.5ක එනම් රුපියල් මිලියන 1,200ක් පමණ වැයවන බව ගණන් බලා තිබේ. නමුත් එම ටැංකි ප‍්‍රයෝජනයට ගැනීමෙන් ත්‍රීකුණාමලයේ සිට පිටපළාත්වලට ඉන්ධන ප‍්‍රවාහනය කිරීම මගින් පමණක් වාර්ෂිකව රුපියල් මිලියන 620ක් ඉතිරි කර ගත හැකි බවද එම විගණන වාර්තාවෙන් තහවුරු කර ඇත.

ත්‍රීකුණාමලයේ තෙල් ටැංකි මේ වනවිට ඉන්දියානු IOC සමාගමට ලබාදී තිබෙන අතර, ශ්‍රී ලංකා රජය යටතේ ටැංකි 99ක් පවතී. එම එක් ටැංකියක ධාරිතාවය ඝන මීටර් 12,500ක් බව විගණන වාර්තාවේ දැක්වේ.

Facebook
Twitter
LinkedIn