වම ඉදිරියට එනවා – රාජිත

ආණ්ඩුවේ විවිධ ඇමතිවරුන් බෙහෙවින් සංවාදාත්මක ප්‍රකාශ නිකුත් කිරීම ඉහළ යමින් තිබෙන අතර රාජිත සේනාරත්න ඇමතිවරයා මේ අය අතරින් කැපී පෙනීමට පටන්ගෙන තිබේ. බොදුබල සේනා සංවිධානයට විරුද්ධව මෙන්ම රාජපක්ෂ පාලනයට විරුද්ධව මෙන්ම යම් අවම විවේචනයක් ඔහු එල්ල කරමින් සිටී.

පුස්තකාල සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේ පැවැති ග්‍රන්ථයක් දොරට වැඩීමේ උත්සවයට සහභාගී වෙමින් ඇමතිවරයා තවත් එවැනි ප්‍රකාශයක් කර තිබේ.

” අද කිසිම රටක කිසිම නායකයෙකුට හෙටක් ගැන සිතන්න බැහැ. කිසිවෙක් නොසිතන ලෙසට තරුණ පරපුර විශාල වශයෙන් නව දේශපාලන අදහස් හුවමාරුවකට සම්බන්ධ වී තියනවා. කොහෙන් මතුවෙනවාද? කොහෙන් පුපුරනවාද කියන්න බැහැ. ” යනුවෙන් පවසා තිබේ. වැඩිදුරටත් ඇමතිවරයා මෙසේද පවසා තිබිණ. ”අපි තරුණ කාලේ ගත කළේ වාමාංශික මතවාද සමඟ කාලයක් ඒවා යටපත් වී තිබුණා. දැන් ඒවා නැවත මතුවෙමින් ඉස්සරහට එන වාතාවරණයක් දකිනවා. අපි කැමති වුවත් අකමැති වුවත් ඒවා වලක්වන්න බැහැ. ”

රාජිත සේනාරත්න මහතා රාජපක්ෂ ආණ්ඩුවේ ඇමතිවරයකු වුවද 2005 වසරේ පැවති ජනාධිපතිවරණය ආසන්නයේදී මහින්ද රාජපක්ෂට එරෙහිව  හෙල්පින් හම්බන්තොට නම් සුනාමි අරමුදලේ මුදල් වංචාවක් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරා තිබිණ.

Facebook
Twitter
LinkedIn