වෙනිසියුලාවේ කොරෝනාවට එරෙහි සටනට චීනයේ සහයෝගය

වෙනිසියුලාවේ කොරෝනාවට එරෙහි සටනට චීනයේ සහයෝගය

වෙනිසියුලාවේ කොරෝනා වසංගතයට එරෙහි සටනට සහය දැක්වීම සඳහා චීනය විසින් වෛද්‍ය සැපයුම් තොගයක් පරිත්‍යාග කර තිබේ.

එම වෛද්‍ය ආධාර තොගය පසුගිදා කැරකාස් අගනුවර පිහිටි සයිමන් බොලිවර් ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී එය පිළිගැනීම සිදු කර ඇත්තේ වෙනිසියුලාවේ උප සභාපති ඩෙල්සි රොඩ්‍රිගුස් විසිනි.

වෙනිසියුලාවේ චීන තානාපතිනි ලී බාරොන්ග්ගේ මැදිහත් වීමෙන් මේ වසරේ ගතවූ කාලය තුළ වෙනිසියුලාවේ කොරෝනා වසංගතයට එරෙහි සටනට අවස්ථා නවයකදී ටොන් 274 කට අධික උපකරණ, වෛද්‍ය යෙදවුම් සහ ඖෂධ චීනය විසින් ලබා දී තිබේ.

එක්සත් ජනපද ආර්ථික හා දේශපාලන සම්බාධක මගින් වෙනිසියුලාව අඩපණ කර ගොදුරු කර ගැනීමට උත්සාහ දරන බවත් COVID-19 පරාජය කිරීම සඳහා තම රට දරන උත්සාහයට එය බාධාවක් වී ඇතැයි එම වෛද්‍ය ආධාර පිළිගනිමින් රොඩ්රිගුස් පවසයි. උප සභාපති රොඩ්‍රිගුස් චීන සහයෝගීතාවයට ස්තූතීය පළකරමින් පවසා ඇත්තේ ” මානව වර්ගයා මුහුණ දී ඇති බරපතළ වසංගතයට මුහුණ දීමට චීනය විසින් ලබා දෙන සහයෝගීතවය හමුවේ අපට හැකිව තිබෙනවා” යනුවෙනි.

වෙනිසියුලාවේ චීන තානාපතිනි ලී බාරොන්ග් කොරෝනා වසංගතය හමුවේ වෙනිසියුලාව එරෙහිව පනවා ඇති සම්බාධක ඉවත් කිරීම වෙනුවට අත්තනෝමතිකව සම්බාධක තීව්‍ර කරන ඇතැම් රටවල කුහකකම සහ කෲරත්වය හෙළා දකිමින් පවසා ඇත්තේ කොරෝනා වෛරසයට හෝ වෙන කිසිදු බලවේගයකට චීන-වෙනිසියුලානු සබඳතාවයන් අවහිර කිරීමට කිසිවක් කළ නොහැකි බවයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්