ඊයේ (29) රාත්‍රියේද මහනුවර දිස්ත්‍රික්කයේ දිගන, අඹකොටේ ප්‍රදේශයේ 05වන වතාවටත් භූ චලනයක් සිදුව තිබේ.
භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැනීම් කාර්යාංශයේ සභාපති අනුර වල්පොල මහතා ප්‍රකාශ කරන්නේ ඊයේ රාත්‍රියේ දිගන ප්‍රදේශයට බලපා ඇති සුළු භූ කම්පන තත්වය රික්ටර් මාපක 2ට වඩා අඩු අගයක් ගන්නා බවයි.
එය පල්ලෙකැලේ භූ කම්පන මානයේ සටහන් වී ඇතැයිද ඔහු ප්‍රකාශ කරයි.
මෙම භූ චලනය හේතුවෙන් නිවාස කිහිපයක් ඉරිතලා ගොස් ඇතැයිද වාර්තා වේ.
මේ ආකාරය පසුගිය දිනවලදී අවස්ථා කිහිපයකදීම මෙම ප්‍රදේශයේ භූ චලන සිදුවන ලදී.
468










