ආණ්ඩුව කෙරෙහි දිනෙන් දින වර්ධනය වන ජනතා විරෝධය හමුවේ එක්සත් ජනතා නිදහස් සන්ධානය තුළ මේ වනවිට දැවැන්ත මත ගැටුම් රැසක් නිර්මාණය වී ඇත. සන්ධානයට සම්බන්ධ පක්ෂ අතර මෙන්ම මැති ඇමතිවරුන් අතරද ඇතිවන ගැටුම් ප්රසිද්ධියේ රඟදැක්වෙන තත්වයට මේ වනවිට පත්ව තිබේ.
ආණ්ඩුව කෙරෙහි ජනතා අප්රසාදය වර්ධනය වනවිට එයින් බේරීම සඳහා සන්ධානයේම සමහර පක්ෂ සහ මැති ඇමතිවරු ප්රසිද්ධියේ ආණ්ඩුව විවේචනය කිරීමට පෙළඹී ඇත. මේ ආණ්ඩු විවේචනය පිළිබඳ දේශපාලන නිරීක්ෂකයන් පවසන්නේ ආණ්ඩුව තුළ හිඳිමින් එහි වරප්රසාද භුක්ති විඳිමින් ආණ්ඩුව කෙරෙහි ජනතා අප්රසාදය වර්ධනය වනවිට එයින් තමන් බේරීමත් නැවත වටයකින් ආණ්ඩු විරෝධය විපක්ෂයට යා නොදී සන්ධානය තුළම කළමණාකරණය කර ගැනීමත් මෙහි අරමුණ බවයි.
කෙසේ වෙතත් සන්ධානය තුල ඇතිවී තිබෙන මෙම මත ගැටුම් සමනය කර ගැනීම සඳහා සන්ධානයට සම්බන්ධ සියළු පක්ෂ සමග සාකච්ඡා කිරීමට ශ්රී ලංකා නිදහස් පක්ෂය කටයුතු සැලසුම් කර ඇත. එහි පළමු සාකච්ඡාව ජාතික හෙළ උරුමය සමග පසුගිය සතියේ මැදදී පවත්වා ඇති අතර ඉදිරියේදී තවදුරටත් සාකච්ඡා කිරීම අරමුණු කරගනිමින් එය අවසන්ව තිබේ. ජාතික නිදහස් පෙරමුණ භාරදුන් යෝජනාවලිය සම්බන්ධයෙන්ද ශ්රී ලංකා නිදහස් පක්ෂය සාකච්ඡා කිරීමට නියමිතය.
ඉදිරි මාස දෙක තුන ඇතුළතදී එනම් ඌව පළාත් සභා මැතිවරණයට පෙර සන්ධානය තුළ ඇති මත ගැටුම අවසන් කරගැනීම ශ්රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂාව වී තිබේ. ඒ අනුව ඉදිරියේදී පක්ෂ සියල්ල සමග සාකච්ඡා කොට පොදු එකඟතාවකට පැමිණීමට නියමිතය.









