ඉන්ද්‍රනාථ තේනුවරයන්ගෙන් අලුත් වැඩක්

ඡායාරූපකරණය තුළ දීර්ඝ ගමනක්‌ ගොස්‌ ඒ පිළිබඳ මනා අවබෝධයක්‌ ලැබූ ප්‍රද්ගලයෙක්‌ ලෙසට ඉන්ද්‍රනාථ තේනුවරයන් හඳුන්වා දිය හැකිය. ශ්‍රී ලංකාවේ ප්‍රකට මෙන්ම සම්මානනීය ඡායාරූප ශිල්පියෙක්‌ වන ඔහු කැලණිය විශ්ව විද්‍යාලයේ ප්‍රතිබිම්බ සහ දෘශ්‍ය කලා අංශයේ බාහිර කථිකාචාර්යවරයෙක්‌ වශයෙන් කටයුතු කරයි.

ඡායාරූප ශිල්ප ගුරුවරයෙක්‌, ලේඛකයෙක්‌, දේශකයෙක්‌ වන ඔහු අතින් මේ වනවිට ඡායාරූප ශිල්පය සම්බන්ධයෙන් ලියවුණු ග්‍රන්ථ ගණන දහයකි.

මෙවර ඔහුගේ මේ වෑයම හතරවන ආලෝක පින්තාරු ඡායාරූප ප්‍රදර්ශනය සහ පොත එළිදැක්‌වීමටයි.

එළඹෙන ජුනි මස 13 වැනි දින සවස 4.30 සිට ජුනි මස 16 වන දින සවස 6.00 දක්‌වා කොළඹ 07, හෝර්ටන් පෙදෙසේ, ඡේ. ඩී. ඒ. පෙරේරා කලාගාරයේදී පැවැත්වෙන ඉන්ද්‍රනාථ තේනුවරයන්ගේ සිව්වන ඒක පුද්ගල ප්‍රදර්ශනය දිග හැරේ.

මෙය විදුලි පන්දම් එළියෙන් කැමරා කාචයේ සටහන් වූ ලොව එකම ඡායාරූප එකතුව ලෙස තේනුවර මහතා මෙහි විශේෂයක් සනිටහන් කරයි.

Facebook
Twitter
LinkedIn