කොළඹ මහ නගර සභාවේ (CMC) කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇති සේවකයින් ගණන අද (16) පස්වරුව වනවිට 200ක් දක්වා ඉහළ ගොස් ඇතැයි එම නගර සභා ආරංචි මාර්ග සඳහන් කරයි.
එම 200 දෙනා අතර වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තා වන්නේ නාගරික ඉංජිනේරු දෙපාර්තමේන්තුවෙනි. එම පිරිස 170කි.
ඊට අමතරව නාගරික ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් ආසාදිතයන් 20 දෙනෙකු වාර්තා වන අතර නාගරික ගිනි නිවීමේ සේවා දෙපාර්තමේන්තුවෙන් ආසාදිතයන් 06දෙනෙකු වාර්තා වෙති.
එමෙන්ම නාගරික ලේකම් දෙපාර්තමේන්තුවෙන් ආසාදිතයන් දෙදෙනෙකුද නාගරික මුද්‍රණාලයෙන් සහ නාගරික තක්සේරු දෙපාර්තමේන්තුවෙන් එක් ආසාදිතයා බැගින්ද වාර්තා වී තිබේ.
497










