ඊයෙත් වැඩිම ආසාදිතයින් කොළඹින්…

ඊයෙත් වැඩිම ආසාදිතයින් කොළඹින්…

ඊයේ (15) ‍මෙරටින් හමු වූ කොවිඩ් – 19 ආසාදිතයින් 704 දෙනාගෙන් වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් බව කොරෝනා මර්දන කාර්ය සාධක බලකායේ ප්‍රධානී, හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව ඊයේ දින ආසාදිතයින් 541ක් දෙනෙකු කොළඹින් වාර්තා වී ඇත.

අද (16) උදෑසන පෞද්ගලික රූපවාහිනී නාලිකාවකදී හමුදාපතිවරයා මේ බව පැවසූ අතර එහිදී වැඩිදුරටත් අදහස් දක්වන ඒ මහතා…

“ඊයේ දිනයේ කොවිඩ් ආසාදිතයින් 704 දෙනෙක් වාර්තා වෙනවා. ඒකෙන් 3 දෙනෙක් පිටරටවල්වලින් ආපු කට්ටිය. 701ක් වාර්තා වෙන්නෙ මේ දෙවැනි රැල්ලෙන්. ඒ 701න් 541 දෙනෙකුම වාර්තා වෙන්නෙ කොළඹ දිස්ත්‍රික්කයෙන්. ඒ කොළඹ දිස්ත්‍රික්කයෙනුත් බහුතරයක් වාර්තා වෙන්නෙ කොළඹ නගරසභා සීමාව සහ මේ වනවිට හුදෙකලාවට ලක් කර තිබුණු ප්‍රදේශ සහ අද උදෑසන වනවිට හුදෙකලාවට ලක් කරන්නට යෙදුණු ප්‍රදේශ වලින්”

කොළඹ තත්වය මේ වනවිට සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බව කොරෝනා මර්දන කාර්ය සාධක බලකායේ ප්‍රධානී, හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා මීට දින කිහිපයකට පෙර පවසා සිටියේ ය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්