කොලඹ මහ නගර සභාවේ ප්‍රධාන ආරක්ෂක නිලධාරීවරයාගේ බිරිඳ කොවිඩ් ආසාදිතයෙකු බවට තහවුරු වී තිබියදීත් අදාළ ආංශ ඇය රෝහල්ගත නොකිරීම හේතුවෙන් දින තුනක් තිස්සේ නිල නිවසේ තබා ගැනීමට සිදුව ඇතැයි වාර්තා වේ.
ඔහුගේ දරුවන් තිදෙනෙකුද කොවිඩ් ආසාදිතයන් ලෙස රෝහල්ගත කර ඇතැයිද පැවසේ.
අසාදිත තත්වයෙන් රෝහල් තුනක පසුවන එම දරුවන් තිදෙනාගෙන් පිරිමි දරුවන් දෙදෙනෙකු නගර සභාවේ බොරැල්ල දිසා කාර්යාල අංක 03 හිද අනෙක් දරුවා නාගරික මුද්‍රණාලයේද සේවය කරන බව සඳහන් වේ.
මේ හේතුවෙන් දැනට මෙම කාර්යාලවල සේවකයින් පිරිසක් සේවයට වාර්තා නොකරණ බවද දැනගන්නට තිබේ.
කොළඹ 10 මරදාන ඩාර්ලි පාරේ පිහිටි නගර සභාවට අයත් නිල නිවසක මෙම ආසාදිත කාන්තාව පවුලේ අනෙක් සාමාජිකයන් සමග ගත කරන බවත් මෙම නිවස නිරෝධායනය වන නිවසක් ලෙස සෞඛ්‍ය අංශ විසින් නම් කර ඇති බවත් වාර්තා වේ.
මේ පිළිබඳව නාගරික ප්‍රධාන ආරක්ෂක නිලධාරී ඊ.ජී පත්මසිරි මහතාගෙන් මාධ්‍ය වේදීන් කළ විමසීමේදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ සිය ආසාදිත බිරිඳ රෝහල්ගත කරන ලෙස සියලුම බලධාරීන්ට දැනුවත් කර ඇති බවයි.
මෙවැනි සිදුවීම් ගණනාවක් පසුගිය කාලයේ කොළඹ දිස්ත්‍රික්කයෙන් සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ අතර එම තත්වය තවදුරටත් එලෙසම සිදුවෙමින් පවතින බව මෙම වාර්තා අනුව පැහැදිලි වේ.










