තඹුත්තේගම, පහළගම පොලිස් අභ්‍යාස මධ්‍යස්ථානයේ පොලිස් කොස්තාපල්වරු 36 දෙනෙකුට කොවිඩ් – 19 ආසාදනය වී ඇතැයි නවතම වාර්තා සඳහන් කරයි.
මෙලෙස වෛරසය ආසාදනය වී ඇත්තේ එම නිරෝධායන මධ්‍යස්තානයේ නිරෝධායනයට ලක්වෙමින් සිටි පොලිස් කොස්තාපල්රු 35 දෙනෙකුට සහ එම පොලිස් අභ්‍යාස ආයතනයේ සේවය කරන පොලිස් කොස්තාපල් වරයෙකුටය.
බස්නාහිර පළාතේ පොලිස් ස්ථාන කිහිපයක සේවය කළ පොලිස් කොස්තාපල්වරැන් 115 දෙනෙකු නිරෝධායනය සදහා තඹුත්තේගම, පහළගම පොලිස් අභ්‍යාස මධ්‍යස්ථානයට යොමු කොට ඇති බවත් ඒ අනුව මේ වනවිට එහි සිටින පොලිස් කොස්තාපල්වරුන් ගෙන් 50 දෙනෙකුටම වෛරසය ආසාදනය වී ඇති බවත් වාර්තා වේ.
ආසාධිත වූ පොලිස් කොස්තාපල්වරු 36 දෙනාම ප්‍රතිකාර සදහා පුනානි පිහිටි වෛද්‍ය මධ්‍යස්ථානයට යොමු කළ බව අනුරාධපුර දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය තේජන සෝමතිලක මහතා පවසයි.
222










