රූපමය අවවාදය තීන්දුයි

දුම්වැටි ඇසුරුම්වල රූපමය අවවාද සියයට 80 දක්වා ඇතුළත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ගෙන එන ලද යෝජනාවට එරෙහිව පැවැති නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කරමින් එම ඇසුරුම්වල 50%ක 60%ක පමණ කොටසක රූපමය අවවාද ඇතුළත් කිරීමට අභියාචානාධිකරණය අද (12) අවසර ලබා දී තිබේ.

අමාත්‍යංශ තීරණයට එරෙහිව දුම්කොළ සමාගම විසින් අදාළ පෙත්සම ගොනු කරමින් අභියාචානාධිකරණයෙන් ඉල්ලා තිබුනේ එම තීරණය වළක්වාලන නියෝගයක් නිකුත් කරන්න ලෙසයි.

මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ පැවැති නඩුවක තීන්දුවේදී අදාළ තීරණයට එරෙහිව සෞඛ්‍ය අමාත්‍යවරයාට අතුරුතහනම් නියෝගයක් පණවා තිබුණි.

Facebook
Twitter
LinkedIn