සෙවණගල වැවේයායගම ප්‍රදේශයෙ පදිංචි හතළිස් පස් හැවිරිදි දෙදරු පියකු නාගයකු ලවා දෂ්ට කර මරණයට පත්කිරීමට තැත් කිරීමේ සිද්ධිය ඉඩම් ආරවුලක් සම්බන්ධයෙන් උරණව සිටි පුද්ගලයකු විසින් සිදුකරන ලද්දක් යැයි හැඟවීමට උත්සාහ කළද මේ වනවිට වාර්තා වන්නේ එම සිදුවීමද අලි පැටවුන් හොරකම් කිරීමේම සිදුවීමක දිගුවක් බවයි.
මෙම සිද්ධියේදී නාගයකු දෂ්ට කිරීමෙන් රෝගාතුර වූ සෙවණගල වැවේයායගම පදිංචි ගමගේ දොන් ධම්මික නිශාන්ත යන අය ඇඹිලිපිටිය මූලික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් පසුවන අතර තරමක් සුව අතට පත්ව ඇති ඔහු ලබාදුන් තොරතුරු අනුව මේ බව අනාවරණය වී තිබේ.
Views: 0









