දණගැස්සීම අත්හිටුවයි!

පුත්තලම දිස්ත්‍රික්කයේ පාසල් ගුරුවරියකට තර්ජනය කර ඇය දණගැස්සවූ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ වයඹ පළාත් සභාවේ හිටපු මන්ත්‍රී ආනන්ද සරත් කුමාර මහතා එම සිදුවීමට වැරදිකරු කරමින් පුත්තලම මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා දඬුවම් නියම කර කර තිබේ.

මේ අනුව එවකට පළාත් සභා මන්ත්‍රීවරයෙකුව සිටි ආනන්ද සරත් කුමාර මහතාට දෙවසරක බරපතල වැඩ සහිත සිර දඩුවම් නියම කර එය වසර හතකට අත්හිටුවා ඇත.

අගතියට පත් පුත්තලම නවගත්තේගම නවෝද්‍යා විද්‍යාලයයේ සුසිලා හේරත් ගරු මහත්මියට රුපියල් තුන් ලක්ෂයක වන්දි මුදලක් ගෙවන ලෙසද විනිසුරුවරයා නියෝග කර ඇති අතර ඊට අමතරව රුපියල් 50,000ක දඩද නියම කර තිබේ.

අද (12) පසුවරු 02.00ට පෙර මෙම මුදල් ගෙවීමට ඔහු අපොහොසත් වුවහොත් දඩයට මාස 6ක්ද වන්දි මුදල් වෙනුවෙන් අවුරුදු 03ක්ද බරපත වැඩ සහිත සිරදඬුවම් නියම කර ඇත.


Facebook
Twitter
LinkedIn