ඌරගස්මන්හන්දිය ප්‍රදේශයේ අහඹු ලෙස කරන ලද PCR පරීක්ෂණයේදී පුද්ගලයින් 06 දෙනෙකුට කොවිඩ් – 19 ආසාධිත වී ඇති බවට තහවුරුවීම නිසා එම ප්‍රදේශයේ ඌරගස්මන්හන්දිය උතුර, ඌරගස්මන්හන්දිය දකුණ, යටගල සහ වල්ඉඟුරුකැටිය යන ග්‍රාම නිලධාරී වසම් 04ක් අද (14) සිට වාහම ක්‍රියාත්මකවන පරිදි හුදකලා කර තිබේ.
ආසාධිතයින් ලෙස හඳුනාගෙන ඇත්තේ අවුරුදු 68, 59, 53, 30, 20, 18 යන වයස්වල පසුවන හය දෙනෙකි.
ඔවුන්ගේ PCR පරීක්ෂණ සිදුකර ඇත්තේ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ කොවිඩ් – 19 ආසාදිත පුද්ගලයෙකු එම ග්‍රාම නිලධාරී වසම්වල සංචරණය කර ඇති බවට අනාවරණය වීම හේතුවෙනි.
ප්‍රතිකාර සඳහා ඔවුන් අද (14) හම්බන්තොට සහ කඹුරුගමුව රෝහලවෙත රැගෙන යාමට නියමිතය.
මේ අතර ඌරගස්මන්හන්දිය පොලිසිය විසින් එම වසම්වල මාර්ග බාධක යොදවා සංචරණය සීමා කිරිමට පියවර ගෙන ඇත.
377










