අගවිනිසුරු ආචාර්ය ශිරාණී බණ්ඩාරනායක මහත්මියට එරෙහිව ගෙන ආ දෝෂාභියෝගය විමසන විශේෂ කාරක සභාවේ එම විමර්ශන කටයුතු නතර කිරීමට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලමින් ගොනුකළ පෙත්සම් විභාගය සඳහා පෙනීසිටීමට අද (30) අධිකරණයට පැමිණෙන්නැයි කථානායකට සහ විශේෂ කාරක සභාවේ නියෝජිතයින්ට නිකුත්කළ නොතීසි තමන් හෝ තමන් විසින් පත් කළ කාරක සභාව පිළි නොගන්නා බව කථානායක චමල් රාජපක්ෂ මහතා ඊයේ (29) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්රකාශයක් සිදු කරමින් පවසා සිටියේය.
කෙසේ නමුත් ඒ වනවිටත් අධිකරණයේ නියෝගය කථානායකවරයා භාරගෙන තිබූ අතර එය විශේෂ කාරක සභාවටද යොමුකර තිබුණි. ඒ බව ඔහු පාර්ලිමේන්තුවේදීද ප්රකාශකර සිටියේය.
එහිදී සභානායක නිමල් සිරිපාලද සිල්වා මහතා නැගී සිට වරප්රසාද ප්රශ්නයක් මතුකරමින් පැවසූවේ අධිකරණ නියෝගය පිළිගැනීමට පාර්ලිමේන්තුවට බලයක් නොමැති බවයි.
එහිදී කථානායකවරයා වැඩිදුරටත් පැවසූවේ තමා සහ දෝෂාභියෝග යෝජනාව විමර්ශනය කරන පාර්ලිමේන්තු කාරක සභාවේ නියෝජිතයන්ට අධිකරණය විසින් කරන ලද නියෝග සියල්ල නිෂ්ප්රභ වන බවත් අධිකරණයෙන් කළ නියෝගවලින් කිසිදු නෛතික බලපෑමක් තමන්ට සිදු නොවන බවත්ය.
අධිකරණය විසින් එවැනි ඕනෑම නියෝගයක් හෝ අණ කිරීමක් ඉදිරියේදී කමිටුවට යොමු කරන්නේ නම් ඒ සඳහා ද මෙම තීන්දුව බලපාන බවත් කථානායකවරයා අවධාරණය කළේය.
තමාට හෝ තමා විසින් පත් කරන ලද කිසිදු කමිටුවකට බාහිර පාර්ශ්වයන්ට නියෝගයක් නිකුත් කළ නොහැකි යෑයි ද කථානායකවරයා පැවසීය.
මෙම අධිකරණ නියෝග පාර්ලිමේන්තු බල වපසරිය තුළ සිදු කරන කටයුතුවලට හා පාර්ලිමේන්තු වගකීම්වලට කරන බලපෑමක් ලෙස සලකන්නේ යෑයිද කථානායකරවයා ප්රකාශ කළේය.
කෙසේ නමුත් නීති විශාරදයින් පවසන්නේ විධායකය, ව්යවස්ථාධායකය සහ අධිකරණය යන ආයතන තුන රටේ පරමාධිපත්ය මතින් බිහිවූ එය රකින එක හා සමාන ආයතන තුනක් බවයි. එහි රටේ පරාමාධිපත්ය තුනට බෙදී ඇති බවත් ඒ අනුව එම ආයතන තුනම කටයුතු කරන්නේ රටේ පරමාධිපත්ය රැකගැනීම මූලික කරගෙන බවත්ය. එම නිසා එම ආයතන තුනම එකකට එකක් ඇහුන්කන් දියයුතු බවත් ඔවූහු පවසති. මේ මොහොතේ සිදුව ඇත්තේ එක් ආයතනයක් තවත් ආයතනයක් නොසලකා හැරීම බවත් විශේෂයෙන් විධායකයේ සහ ව්යවස්ථාධායකයේ අවශ්යතා වෙනුවෙන් අධිකරණය නිශේදකර දමන තත්වයකට පත්වෙමින් තිබෙන බවත් මෙහි අවසන් ප්රතිඵලය ඒකාධිපතියෙකු බිහිවීම බවත් ඔවූහු වැඩිදුරටත් පැවසූහ.
ආශ්රිත පුවත්
අගවිනිසුරුවරිය ඉවත් කිරීමට ආණ්ඩුව කුමන්ත්රණයක – අනුර
අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය සූදානම් ?
ඔව් අපි විශ්වාසභංගයක් ගේනවා – විජිත් විජිමුනි සොයිසා
අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය කතානායකට භාරදෙයි
ඒකාධිපති වියරුවේ අලුත්ම ගොදුර අධිකරණයයි – ජවිපෙ
අධිකරණය සම්බන්ධ ප්රශ්නයේදී එජාපය සිටින්නේ දෙබිඩි පිළිවෙතක – අනුර
දෝෂාභියෝග ක්රියාවලිය ඉවත දමා වහාම අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු කරනු ! – IHR
අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය එක්සත් ජාතීන් හමුවට
මගේ අම්මා අවසන් හුස්මපොද දක්වාම සටන්කරාවි – ශවීන් බණ්ඩාරනායක
දෝෂාභියෝගය හරහා ඇමරිකා එ. ජ.ය ලංකාව දෙසට
ප්රජාතන්ත්රවාදය සඳහා ජනතා ව්යාපාරයෙන් විශේෂ මාධ්ය හමුවක්
අධිකරණයෙන් ජනතාවට ලැබෙන රැකවරණය ඉතාම ඉක්මනින් අහිමිවිය හැකියි – PMD
අගවිනිසුරුවරියට දැවැන්ත මඩ ප්රහාරයක්
දෝෂාභියෝගය රාජපක්ෂ පවුල් පාලනයට එරෙහිව ආපසු හැරවිය යුතුයි – PMD
දෝෂාභියෝගය ගෙන එන්නේ විෂමාචාර නිසා නොවේ – අරුන්දික ප්රනාන්දු
දෝෂාභියෝග යෝජනාව පාර්ලිමේන්තුවට
අගවිනිසුරුවරිය නෙරපීමේ කටයුතු ඇරැඹේ
දෝෂාභියෝගයේ චෝදනා බොරු බව තහවුරුයි
චෝදනා සියල්ල සම්පූර්ණයෙන් බිඳ හෙළිය හැකියි
කාරක සභාව ගැන කතානායක සමග තවදුරටත් සාකච්ඡා
මැති ඇමැතිවරුන් 37ක් පසුපස බුද්ධි අංශ රිංගයි
අගවිනිසුරුවරිය කොටු කිරීමට ආණ්ඩුවෙන් මාධ්ය උගුලක්
අගවිනිසුරුවරිය චෝදනා දෙකකින් දැනටමත් නිදහස් – විජිත හේරත්
විශේෂ කාරක සභාවගැන ජවිපෙ ස්ථාවරය ඉදිරියේදී කියනවා – ටිල්වින් සිල්වා
ගෝල්ඩන් කී නඩුවෙන් අගවිනිසුරුවරිය ඉවත් වේ
විශේෂ කාරක සභාවට ජවිපෙන් නියෝජිතයෙකු නම් කරයි
වැඩබලන අග්ර විනිශ්චයකාරවරයෙක් පත් කිරීම නීති විරෝදීයි – ජේයෂ්ඨ නීතිඥ කේ. හේරත්
මන්ත්රීවරු 117දෙනාම චෝදනා කියවලා නැහැ – අනුර
පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව රැස්වේ
දෝෂාභියෝගයේ තීන්දුව දැනටමත් සකස්කර හමාරයි – ජවිපෙ
අගවිනිසුරුවරිය තේරීම් කාරක සභාවට
දෝෂාභියෝගය විභාග කිරීම වළකන්නැයි අභියාචනාධිකරණයට පෙත්සමක්
අගවිනිසුරුවරිගේ වත්කම් හොයන ඇමතිවරු කීදෙනෙක් තම වත්කම් ප්රකාශකර ඇත්ද ? – මාදුළුවාවේ සෝභිත හිමි
දෝෂාභියෝගයට එරෙහි පෙත්සම අභියාචනාධිකරණයෙන් ඉහළට
06න් 02ක් විමල්ටයි රාජිතටයි එරෙහිව
ශ්රේෂ්ඨාධිකරණයේ අර්ථ නිරූපණය අද
විශේෂ කාරක සභාවට වාරණයක් ඉල්ලූ නඩුව අද දෙවන වරටත් කැඳවේ
අධිකරණ කටයුතු අවසන්වන තරු දෝෂාභියෝග විභාගය නතර කරන්න – ශ්රේෂ්ඨාධිකරණය
අගවිනිසුරුවරිය පාර්ලිමේන්තුවට පැමිණේ
ස්ථාවර නියෝග රටේ මූලික නීතිය නොවේ
තේරීම් කාරක සභාවේ කරුණු එස්.බී.ගෙන් එළියට
සුදු වෑන් එකකින් අලුත් කඩේ උසාවිට කැලෑ පත්තර එවලා
ආණ්ඩුව අගවිනිසුරුවරියට එරෙහිව විරෝධතාවන්ට රාජ්ය සේවකයෝ බලහත්කාරයෙන් ගෙන්නලා
විශේෂ තේරීම් කාරක සභාවට එරෙහි පෙත්සම් විභාගය කල් යයි
ඒකාධිපති පවුල් බලය පරදවමු ! ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් පෙළගැසෙමු!! – PMD









