අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය එක්සත් ජාතීන් හමුවට

අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහිව කතානායකවරයාට භාර දී ඇති දෝෂාභියෝග යෝජනාව මුල්කරගෙන ලංකාවේ මතු වී ඇති අර්බුදය ලබන මාර්තු මස ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර ආරම්භ වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය දක්වා රැගෙන යෑමට බටහිර රටවල් කිහිපයක් රාජතාන්ත්‍රික මට්ටමෙන්ම සූදානමින් සිටින බව වාර්තා වේ.

එහි පළමු පියවර වශයෙන් පසුගිය බ්‍රහස්පතින්දා ආරම්භ වූ එක්සත් ජාතීන්ගේ සමාලෝචන රැස්වීමේදී අමෙරිකාව හා ඉන්දියාව යන රටවල් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳ ආණ්ඩුවේ නියෝජිතයන්ගෙන් ප්‍රශ්න කරන අතරතුරදී අධිකරණ ක්‍ෂේත්‍රයේ මතුව ඇති අර්බුදය පිළිබඳ තමන් දැඩි අවධානයෙන් පසුවන බව දැනුම් දී තිබේ.

එමෙන්ම අගවිනිසුරුවරිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සිදුවන සියලුම ක්‍රියාපද්ධතිය තමන්ට වාර්තා කරන ලෙසද බටහිර රටවල් මේ වනවිට මෙරට සිටින සිය තානාපතිවරුන්ට දැනුම් දී ඇති බවද දැනගන්නට තිබේ.

ආශ්‍රිත පුවත්

අගවිනිසුරුවරිය ඉවත් කිරීමට ආණ්ඩුව කුමන්ත්‍රණයක – අනුර

අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය සූදානම් ?

ඔව් අපි විශ්වාසභංගයක් ගේනවා – විජිත් විජිමුනි සොයිසා

අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය කතානායකට භාරදෙයි

ඒකාධිපති වියරුවේ අලුත්ම ගොදුර අධිකරණයයි – ජවිපෙ

අධිකරණය සම්බන්ධ ප‍්‍රශ්නයේදී එජාපය සිටින්නේ දෙබිඩි පිළිවෙතක – අනුර

දෝෂාභියෝගය පාර්ලිමේන්තුවට

දෝෂාභියෝග ක‍්‍රියාවලිය ඉවත දමා වහාම අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු කරනු ! – IHR

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්