දෝෂාභියෝග ක‍්‍රියාවලිය ඉවත දමා වහාම අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු කරනු ! – IHR

වහාම මෙම දෝෂාභියෝග ක‍්‍රියාවලිය ඉවත දමා අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු කරන ලෙස ආණ්ඩුවට බලකර සිටිනබව සඳහන් කරමින් මානව හිමිකම් පිළිබඳ විද්වත් සංසදය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුතකර තිබේ.

එම සංසදයේ ප‍්‍රධාන ලේකම් ආචාර්ය අනුර කරුණාතිලක මහතාගේ අත්සනින් යුතුව නිකුත්කර ඇති එම නිවේදනය පහත පළවේ.

“අග‍්‍රවිනිශ්චයකාර ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහිව ආණ්ඩුව විසින් ගෙන එන විශ්වාසභංග යෝජනාව මානව හිමිකම් පිළිබඳ විද්වත් සංසදය හෙලා දකී. මෙම ක‍්‍රියාවලිය අධිකරණයේ ස්වාධීනත්වයට එල්ල කරන බරපතල තර්ජනයක් ලෙස මානව හිමිකම් පිළිබඳ විද්වත් සංසදය සලකන අතර එබැවින් විධායකය ව්‍යවස්ථාදායකය සහ අධිකරණය යන ආයතන තුනේ ස්වාධීන පැවැත්මත් එමගින් ඇති කරන සංවරණ සහ තුලනය ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයේ පැවැත්මට අත්‍යාවශ්‍ය සාධකයකි. විධායකය සහ ව්‍යවස්ථාදායකය එක්ව අධිකරණයේ ස්වාධීනත්වය කෙලෙසන්නේ නම් එමගින් ඇතිවන්නේ ඒකාධිපති පාලනයකි.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සමග ගැටුණු ඇතැම් ආණ්ඩුවේ ප‍්‍රතිපත්ති සහ අණපනත් හේතුවෙන් විධායකය සහ අධිකරණය අතර බරපතල ගැටුමක් ඇති වූ බව පැහැදිලි කරුණකි’. ශ්‍රේෂ්ඨාධිකරණයේ අර්ථ විවරණය සඳහා ඉදිරිපත් වූ එවැනි කරුණු පිළිබඳ තමාට වාසිසහගත තීන්දු ආණ්ඩුව අපේක්ෂා කරයි’. මැතකදී ශ්‍රෙෂ්ඨාධිකරණය ලබාදුන් ඇතැම් තීන්දු ආණ්ඩුවේ එම අභිලාෂයන් සමග ගැටීමත් සමග මෙම අධිකරණය සහ විධායකය අතර ගැටුම ආරම්භ විය. ‘‘දිවිනැගුම’’ පනත් කෙටුම්පත එහි ආසන්නතම සිද්ධිය වන අතර අධිකරණයට එරෙහිව ආණ්ඩුව මෙම ප‍්‍රහාර එල්ල කරන්නේ මෙම පනත් කෙටුම්පත පිළිබඳ ශේෂ්ඨාධිකරණ තීන්දුව ඔවුන්ගේ අභිලාෂය සමග ගැටුණු බැවිනි’.

පාලක එක්සත් ජනතා නිදහස් සංධානයේ හවුල්කාර පක්ෂ වල නායකයන් සමග ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සිදුකළ සාකච්ඡාවකින් අනතුරුව මෙම අගවිනිසුරුවරියට එරෙහි විශ්වාසභංග යෝජනාව ගෙන ඒමට තීරණය කරන ලද අතර දැන් එය කථානායකවරයාට භාර දී ඇත. මෙය අග‍්‍රවිනිශ්චයකාර ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහි පෞද්ගලික යෝජනාවක් ලෙස නොව අධිකරණය පිළිබඳ ආණ්ඩුවේ ස්ථාවරය විදහා දක්වන යෝජනාවක් ලෙස සැලකිය හැකිය. මෙම සමස්ත ක‍්‍රියාවලිය එහි අරමුණ කිසිසේත් අනුමත කළ නොහැකි අතර එය සියලු ප‍්‍රජාතන්ත‍්‍රවාදී සම්ප‍්‍රදායන්ට සහ සදාචාරයන්ට එරෙහි බව මානව හිමිකම් පිළිබඳ විද්වත් සංසදය අවධාරණය කරයි. වහාම මෙම දෝෂාභියෝග ක‍්‍රියාවලිය ඉවත දමා අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු කරන ලෙස මානව හිමිකම් පිළිබඳ විද්වත් සංසදය ආණ්ඩුවට බලකර සිටී.”

ආශ්‍රිත පුවත්

අගවිනිසුරුවරිය ඉවත් කිරීමට ආණ්ඩුව කුමන්ත්‍රණයක – අනුර

අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය සූදානම් ?

ඔව් අපි විශ්වාසභංගයක් ගේනවා – විජිත් විජිමුනි සොයිසා

අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය කතානායකට භාරදෙයි

ඒකාධිපති වියරුවේ අලුත්ම ගොදුර අධිකරණයයි – ජවිපෙ

අධිකරණය සම්බන්ධ ප‍්‍රශ්නයේදී එජාපය සිටින්නේ දෙබිඩි පිළිවෙතක – අනුර

දෝෂාභියෝගය පාර්ලිමේන්තුවට

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්