අද(07) උදෑසන අඟුලාන තෙලවල ප්‍රදේශවාසීහු විශාල පිරිසක් අඟුලාන මංසන්ධියේදී ගාලු පාර වසා උද්ඝෝෂණයක යෙදී සිටින බව වාර්තා වේ.
ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මේ වනවිට දැඩි ලෙස අබලන් වී ඇති අඟුලාන-තෙලවල මාර්ගය අලුත්වැඩියා කර දෙන ලෙසය. උද්ඝෝෂණය කරන ප්‍රදේශවාසීන් විසින් ටයර් පුළුස්සමින් මාර්ගය අවහිර කර දමා ඇත.
මේ හේතුවෙන් ප්‍රදේශය ආශ්‍රිතව දැඩි වාහන තදබදයක් ඇතිවී තිබෙන බවද සඳහන්ය.
Views: 0









