කැනඩාවේදී සහ නාපෝලී හිදි අප්‍රේල් වි‍රුවෝ සැමරෙති

ජනතා විමුක්ති පෙරමුණ 43වෙනි වරටත් සංවිධානය කළ අප්‍රේල් විරු සමරුවට සමගාමීව විදෙස් රටවලදී සංවිධානය කරන ලද තවත් විරු සමරු වැඩසටහන් දෙකක් කැනඩාවේදී සහ ඉතාලියේ නාපෝලි හිදී පවත්වා තිබේ.

එම වැඩසටහන් එම රටවල ජවිපෙ පක්ෂ කමිටු විසින් සංවිධානය කර තිබූ අතර නාපෝලි සමරුවට ජවිපෙ ජාතික සංවිධායක, දේශපාලන කමිටු සාමාජික බිමල් රත්නායක මහතා සහභාගී වෙමින් සමරු දේශනය පැවැත් වූ අතර කැනඩා සමරුවට සඳහා ජවිපෙ නායක අනුර දිසානායක මහතා ස්කයිප් තාක්ෂණය ඔස්සේ සහභාගී වෙමින් සමරු දේශනය පවත්වා ඇත.

කැණඩා කමිටුවේ විරු සමරුවෙන්

කැණඩා කමිටුවේ විරු සමරුවෙන්


Facebook
Twitter
LinkedIn