පහරදීමක් සම්බන්ධයෙන් ලග්ගල පොහොට්ටු මන්ත්‍රීවරයෙක් අත් අඩංගුවට

පහරදීමක් සම්බන්ධයෙන් ලග්ගල පොහොට්ටු මන්ත්‍රීවරයෙක් අත් අඩංගුවට

පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ලග්ගල ප්‍රාදේශීය සභාවේ පොහොට්ටු පක්ෂයේ මන්ත්‍රීවරයකු වන සමන්ත කන්නන්ගර නැමැත්තා සහ ඔහුගේ සමීපතම ආධාරකරුවෙකු වන සුසන්ත ආරච්චිගේ නිමල් ප්‍රේමතිලක නැමැත්තා ලග්ගල පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

මන්ත්‍රීවරයා සහ ආධාකරවා ලග්ගල නගරයේම පදිංචිකරුවන් වන අතර ඊයේ (20) රාත්‍රී 08.00ට පමණ ලග්ගල පදිංචිකරුවෙකුට මෙම මන්ත්‍රීවරයා සහ ඔහුගේ ආධාරකරුවා විසින් පහරදී ඇත.

පහරකෑමට ලක් වූ පුද්ගලයා ප්‍රතිකාර සදහා ලග්ගල රෝහලට ඇතුලත් කර ඇති අතර ලග්ගල පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

සැකකරුවන් අද (21) ලග්ගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.

Facebook
Twitter
LinkedIn