සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ඉදිරියේදී ආනයනය කරනවා…

සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ඉදිරියේදී ආනයනය කරනවා…

කැබිනට් මණ්ඩල අනුමැතියද ඇතිව සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් පමණ ආනයනය කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බව වෙළඳ අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් සමඟ ඊයේ (18) පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් පවසා තිබේ.

රට තුළ කෘතිම ආහාර හිඟයක් ඇති නොවන පරිදි හා මිල වැඩිවීමක් නොවන පරිදි පාරිභෝගිකයින් වෙත සහල් ලබාදීමට හැකිවන පරිදි රජය වෙත ආරක්ෂිත සහල් තොගයක් පවත්වා ගැනීම මෙහි අරමුණ බවද ඇමතිවරයා එහිදී සඳහන් කර ඇත.

නමුත් කෘතිම හිඟයක් මවා පා පාරිභෝගිකයන් අපහසුතාවට පත්කිරීමට ඉඩ දිය නොහැකි බැවින් මෙසේ සහල් ආනයනය කිරීමට කටයුතු කරන බව ප්‍රකාශ කර ඇති ඇමතිවරයා සහල් හිඟයක් මවා පාමින් සහල් මිල වැඩිකිරීමට කිසිවකුට ඉඩ දෙන්නේ නැතැයි ද ප්‍රකාශ කර තිබේ.

කෙසේ වෙතත් හමුදාව යොදවා සහල් මිලදී ගත් බවත් මින් ඉදිරියට අතරමැදියන්ට හෝ මහාපරිමාණ මෝල් හිමියන්ට සහල් ඒකාධිකාරිය පවත්වාගෙන යාමට නොහැකි මට්ටමට අවශ්‍ය වන වී හමුදාව සතුව ගබඩා කර ඇති බවත් පසුගිය කොරෝනා සමයේ හමුදා නිලධාරීන් සහ ජනාධිපති අගමැති ප්‍රමුඛ ආණ්ඩුව රට හමුවේ සහතික වී තිබිණි.

එමෙන්ම කිසිඳු හේතුවක් මත මෙරට වගාකරණු ලබන බෝගවර්ග කිසිවක් පිටරටින් ආණයන නොකරණ බවට වූ ආණ්ඩුවේ දැඩි ස්ථාවරයද මෙලෙස සහල් ආනයනය කිරීමට තීරණය කිරීම තුළින් කඩ වී තිබේ.

Facebook
Twitter
LinkedIn