කළුතර, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්ක 04 සදහා නායයාමේ අනතුරු ඇඟවිම් නිවේදන නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
පසුගිය පැය 24 පුරා එම ප්‍රදේශවලට අධික වර්ෂාපතනයක් ඇදහැලී තිබේ.
මේ අතර දිවයින හරහා නිරිත දිග මෝසම් තත්වය සක්‍රීයව පවතින බැවින් දැනට පවතින වැසි සහ සුළං තත්වය අද (19) දිනයේ දී තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Views: 0









