හෙට (18) සිට දින කිහිපයක් යළිත් වැස්ස වැඩිවෙන ලකුණු

දිවයින හරහා හමා යන සුළං වේගයේ හා නිරිත දිග ප්‍රදේශවල ඇතිවියහැකි වැසි තත්වයේ තාවකාලික වැඩිවීමක් සැප්තැම්බර් මස 18දා සිට 21දා දක්වා අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

සබරගමුව, මධ්‍යම හා බස්නාහිර පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එසේම වයඹ පළාතේ සිහින් වැසි වාර කිහිපයක් ඇතිවියහැකි බවත් ඌව පළාතෙත් අම්පාර හා මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස 02න් පමණ පසු වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව පවසයි.

දිවයින හරහා විශේෂයෙන්ම උතුර, උතුරුමැද හා වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය හා හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැයට කිලෝමීටර් 50ක පමණ තද සුළං ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.

Facebook
Twitter
LinkedIn