20 හැදුවේ ගෝඨාභය… කැබිනට් මණ්ඩලයේදී ප්‍රකාශ කරලා…

20 හැදුවේ ගෝඨාභය… කැබිනට් මණ්ඩලයේදී ප්‍රකාශ කරලා…

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙහි නිර්මාතෘවරයා ලෙස එහි සම්පූර්ණ වගකීම තමන් බාරගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (16) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ප්‍රකාශ කළ බව කැබිනට් අමාත්‍යවරු පවසති.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සකස් කළ පුද්ගලයකු සොයාගැනීමට නොහැකි වීමේ තත්වය පිළිබඳ මහින්ද අමරවීර මහතාගෙන් විමසීමේදී ඒ මහතා සඳහන් කළේ “නැහැ ඉතිං ජනාධිපතිතුමා කිව්වනෙ, ජනාධිපතිතුමා ඒකෙ නිර්මාතෘවරයා විදියට ඒකෙ වගකීම බාරගන්න කැමතියි කියලා” යනුවෙනි.

සී.බී රත්නායක අමාත්‍යවරයාගෙන් මේ පිළිබඳව මාධ්‍යවේදීන් විමසූ අවස්ථාවේදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ “මේකෙ වගකීම ගන්න කෙනෙක් ඉන්නවානෙ. ජනාධිපතිතුමානෙ වගකීම ගන්නෙ. ජනාධිපතිතුමා ඒ ගැන ප්‍රකාශයක් කරයි” යනුවෙණි.

අමාත්‍යවරුන් මේ අදහස් පළ කළේ ඊයේ කැබිනට් රැස්වීමෙන් අනතුරුව පිටව යන අවස්‍ථාවේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමිනි.

Facebook
Twitter
LinkedIn