20 වෙනස් කරන කමිටු වාර්තාව කැබිනට් මණඩලයට ඉදිරිපත් කර නැහැ

20 වෙනස් කරන කමිටු වාර්තාව කැබිනට් මණඩලයට ඉදිරිපත් කර නැහැ

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එක්කිරීම සඳහා ඉදිරිපත් කර ඇති 20 වන සංශෝධන පනත් කෙටුම්පතෙහි අඩුපාඩු පිළිබඳව සොයා බැලීම සඳහා පත්කළ අග්‍රාමාත්‍ය කමිටුවේ වාර්තාව අද (16) රැස්වූ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර නොමැති බව වාර්තා වේ.

මෙම පනත් කෙටුම්පත ගැසට් කර අදට දින 14ක් ගතවන බැවින් හෙට (17) සිට ඕනෑම දිනකදී එය පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් කළ හැකි ය.

යෝජිත 20 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳව අඩු පාඩු සොයා බලා වාර්තාවක් ලබාදීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පත්කළ කමිටුව ඊයේ (15) සිය නිරීක්ෂණ සහ නිගමන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත භාරදෙනු ලැබීය.

එය අද අමාත්‍ය මණ්ඩලට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ නමුත් එය ඉදිරිපත් කර නොතිබීම පිලිබඳව මේ වනවිට ආණ්ඩු පක්ෂය තුළම දැඩි කතාබහක් නිර්මාණය වී ඇත.

Facebook
Twitter
LinkedIn