හෙට (16) සිට ත්‍රීරෝද රථ සහ යතුරුපැදි ධාවනය කළ හැක්කේ වම් කෙළවර ඇති බස් ප්‍රමුඛතා මංතීරුවෙන් පමණක් බවත් එහි පෙරහුරු වැඩසටහනේ අවසාන දිනය හෙට බවත් අද (15) රාජගිරිය ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසා තිබේ.
ඔහු පැවසුවේ යතුරුපැදි සහ ත්‍රීරෝද රථ රියදුරන් සෑම මංතීරුවකටම මාරු වෙමින් ධාවනය කරන බැවින් එය ගැටලුවක් බවය. එයට ප්‍රතිකර්මයක් ලෙස එම තීරණය ගත් බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා එහිදී වැඩිදුරටත් පවසා ඇත.
“ඒ නිසා හෙට දවස මේ කටයුත්තේ පෙරහුරුව යොදාගෙන තිබෙන අවසාන දිනය. ඒ නිසා ඉතාම කරුණාවෙන් ඉල්ලා සිටිනවා යතුරපැදිකරුවන්ගෙන් සහ ත්‍රීරෝද රථ රියදුරන්ගෙන් හෙට දවසේ මේ අත්හදාබැලීම සාර්ථක කර ගැනීම සඳහා වම් කෙළවර ඇති බස් ප්‍රමුඛතා මංතීරුවෙන් පමණක් යතුරුපැදි, පාපැදි සහ ත්‍රීරෝද රථ ගමන් කරන්න.
එහිදී තමා ඉදිරිපිටින් ගමන් කරන බස් රථය බස් නැවතුම්පොළක නතර කළ අවස්ථාවේ දී සුළු ප්‍රමාදයක් ඔබට ඇතිවෙයි. එය ඉතාම ඉවසිලි වන්තව සිට ගමන් කරන්න.” යැයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වැඩිදුරටත් පවසා තිබේ.










