අලුත් 20කට පාර කපන අගමැති කමිටුවේ නිගමන

අලුත් 20කට පාර කපන අගමැති කමිටුවේ නිගමන

පසුගියදා අධිකරණ ඇමති අලි සබ්‍රි මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමෙන් පසු අනුමත කර ගැසට් කරන ලද 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පිළිබඳව සොයා බැලීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පත්කළ කමිටුවේ නිගමන අද (15) ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරයාට භාරදීමට නියමිත බව වාර්තා වේ.

එම කමිටු වාර්තාව හෙට (16) දිනයේ අමාත්‍ය මණ්ඩල රැස්වීමටද, ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අධ්‍යයනය කිරීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් පත්කළේය.

එම කමිටුව, කැබිනට් අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු 09 දෙනෙකුගෙන් සමන්විත ය.

එම කමිටුව ඊයේ (14) සවස රැස්වී සාකච්ඡාවක්ද කර තිබිණි.

Facebook
Twitter
LinkedIn