එක්සත් ජාතික පක්ෂයේ නායක ලෙස තව දුරටත් රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කරන බවටත් එහි නියෝජ්‍ය නාකයා ලෙස රුවන් විජේවර්ධන මහතා රහස් ඡන්දයකින් තෝරාගත් බවටත් කටයුතු කරන බවටත් ඡන්ද විමසීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කර තිබේ.
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (14) පස්වරුවේ පැවති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී, හිස්ව පැවති එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක තනතුර සඳහා කෙනෙකු පත්කර ගැනීම වෙනුවෙන් රහස් ඡන්දයක් පවත්වා ඇත.
ඒ එම තනතුර සඳහා සඳහා අද රවී කරුණානායක හා රුවන් විජේවර්ධන යන මහත්වරුන් ඉදිරිපත් වීම හේතුවෙනි.
එහිදී රුවන් විජේවර්ධන මහතාට ඡන්ද 28ක් ලබා ඇති අතර රවී කරුණානායක මහතා ඡන්ද 10ක් ලබා තිබිණි.
ඒ අනුව නව නියෝජ්‍ය නායක ලෙස රුවන් විජේවර්ධන මහතා පත්කරගෙන ඇත.
කෙසේ වෙතත් අතර රනිල් වික්‍රමසිංහ මහතා ලබන ජනවාරි දක්වා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය දරන බව වජිර අබේවර්ධන මහතා පවසයි.










