ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එක් කළ 19වන සංශෝධනයේ ඇති වියවුල් තත්වය සමනය කරන නව ව්‍යවස්ථාා සංශෝධනයක් ලෙස 20වන සංශෝධනය ගෙන එන බවත් මේ වනවිට ගැසට් කර ඇති විසි වැනි ව්‍යවස්ථා සංශෝධනය වෙනුවෙන් ගෙන ආ කෙටුම්පත වෙනුවට එහි අඩුපාඩු සකසා ගෙන එන නව යෝජනා සහිත ගැසට්පත්‍රයක් නිකුත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පොරොන්දු වී යැයි අද (13) කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් යුතුකම සංවිධානයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග මහතා පවසා තිබේ.
කෙසේ වෙතත් මේ යෝජනා ගෙන එන්නේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය නිවැරදි කිරීම සඳහා වන බව අවධාරණය කළ මන්ත්‍රීවරයා මෙම නිවැරදි කිරීම් සහිත 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක වන්නේ නව ව්‍යවස්ථාවක් ගෙන එන තුරු පමණක් යැයිද සඳහන් කර ඇත.
එහි දී තවදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා කියා තිබෙන්නේ මේ රටට ගැලපෙන ව්‍යවස්ථාවක් ගෙන එන්නට වත්මන් රජය කටයුතු කරනු ඇති බවට තමන්ට විශ්වාසයක් ඇති බවය.










