නිරෝධායනය වෙමින් සිටි අයෙක් පැන යයි…

නිරෝධායනය වෙමින් සිටි අයෙක් පැන යයි…

කටාර් සිට පැමිණ වව්නියාව පම්පමඩුව නිරෝධායන කඳවුරේ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයෙකු ඊයේ (12) දින උදෑසන පැන එම නිරෝධායන කඳවුරෙන් පැවස් තිබේ.

පසුව ඔහු මන්නාරම දුම්රිය ස්ථානය අසළ දී සොයාගෙන ඇති අතර සෞඛ්‍යාරක්ෂිත පියවරක් වශයෙන් මන්නාරම් දුම්රිය ස්ථානය හා එහි කාර්ය මණ්ඩලයේ සියල්ලක්ම විෂබීජහරණය කිරීමට පියවර මන්නාරම් පොලීසිය හා සෞඛ්‍ය නිලධාරීන් පියවර ගෙන ඇත.

ඔහු හලාවත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

එම පුද්ගලයා වැඩිදුර පරික්ෂණ කටයුතු සඳහා මේ වනවිට කොළඹට රැගෙන ගොස් ඇති බව වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය වැඩිදුරටත් පවසයි.

Facebook
Twitter
LinkedIn