පොල් රු. 100යි… අල, ලොකු ලූනු රු. 160යි… බුලත් විටක් රු. 50යි…

පොල් රු. 100යි… අල, ලොකු ලූනු රු. 160යි… බුලත් විටක් රු. 50යි…

මේ වනවිට වෙළෙඳපොළේ පොල්, අල, ලොකු ලූනු, බුලත් විට ආදියෙහි මිල ඉතා අධික ලෙස ඉහළ යමින් තිබෙන බව පාරිභෝගිකයෝ පවසති.

වෙළෙඳපොළේ පොල්ගෙඩියක මිල රුපියල් 80ත් 100ත් අතර ගණනකට ඉහළ ගොස් ති බවත් තරමක කුඩා ප්‍රමාණයේ පොල් ගෙඩියක් අලෙවි වන්නේ රුපියල් 50ත් 80ත් අතර මිල ගණන්වලට ඉහළ ගොස් ඇති බවත් ඔවුහු පෙන්වා දෙති.

පසුගිය දිනවල රුපියල් 90ත් 100 අතර මිලකට අලෙවි වූ ලොකු ලූනු කිලෝවක මිල රුපියල් 160 දක්වා ඉහළ ගොස් ඇති බවත් අර්තාපල් කිලෝවක මිලද රුපියල් 160 දක්වා ඉහළ ගොස් ඇති බවත් ඔවූහු පෙන්වා දෙති.

ආනයනික බදු ඉහළ දැමීම සහ පසුගිය කාලයේ බලපෑ අයහපත් කාලගුණ තත්වය මෙන්ම ලොකු ලූනු වගාව ආශ්‍රිතව දිලීර රෝගයක් පැතිර යෑම හේතුවෙන් වගාවන් විනාශ වූ බවද ගොවීහු සඳහන් කරති.

වෙළඳපොළේ කහ ග්‍රෑම් 100ක් රුපියල් 400ත් 500ත් අතර මිලක් දක්වා ඉහළ ගොස් ඇති බවත් පුවක් ගෙඩියක් රුපියල් 16ත් – 20ත් අතර මිලකට අලෙවි වන බවත් බුලත් කොළයක මිල රුපියල් 3ක් දක්වා වැඩිවී ඇති බවත් පාරිභෝගික ජනතාව පෙන්වා දෙති.

මේ හේතුවෙන් පසුගිය කාලයේදී රුපියල් 30 අලෙවි වූ බුලත් විටක මිල රුපියල් 50 දක්වා වැඩිවී ඇතැයිද ඔවූහු පෙන්වා දෙති.

Facebook
Twitter
LinkedIn