මහ බැංකු වාර්ෂික වාර්තාව 2019, වසර මැද මූල්‍ය තත්වය 2020 සහ මුදල් අමාත්‍යාංශ වාර්ෂික වාර්තාව 2019 යන වාර්තා සම්බන්ධයෙන් වන විවාදය ඊයේ (08) පාර්ලිමේන්තුවේදී පැවති අතර එහිදී මාලිමාව පක්ෂයේ නායක අනුර දිසානායක මහතා විසින් සිය අදහස් පල කරමින් සිටියදී ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරු බාධා කිරීමත් සමග උණුසුම්කාරී තත්වයක් ඇති විය.
එහිදී තමන්ට බාධා කිරීමට නැගී සිටින ඇමතිවරු, රාජ්‍ය ඇමතිවරු පෙර පාලන සමයේ සිදු කළ වංචා දූෂණ මෙන්ම රටේ ආර්ථිකය විනාශ කිරීමට දායක වූ ආකාරය අනුර දිසානායක මහතා විසින් එකින් එක මතක් කර දෙන ලදී.
අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවති රාජපක්ෂ ආණ්ඩුවේ මහ බැංකුවේ අධිපතිවරයා ලෙස සිටියදී කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන්, මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිව සිටි සමයේ, මහින්ද රාජපක්ෂ මහතාව ඝාතනය කිරීම සඳහා එල්ටීටී කාන්තාවක් කොළඹට ගෙනඒම පිළිබඳ ලිපිගොනු, ප්‍රසන්න රණතුංග මහතා බස්නාහිර පළාත් සභාවේ මහ ඇමති ලෙස කටයුතු කළ සමයේ ව්‍යාපාරිකයන්ට ඉඩම් නිදහස් කරදීම සඳහා කප්පම් ඉල්ලීම පිළිබඳව ආදී කරුණු ගණනාවක් මෙහිදී සඳහන් කරන ලදී.
තවත් වාර්තා අවශ්‍යනම් නැගිටින්නැයිද මෙහිදී අනුර දිසානායක මහාතා එම මැති ඇමතිවරුන්ට අභියෝග කළ අතර එහිදී අනුර දිසානායක මහතාට එල්ල වූ බාධාවන් ක්‍රමයෙන් අඩු විය.
එහිදී අනුර දිසානායක මහතා සිදු කළ සම්පූර්ණ කතාව පහතින් පල වේ.










