බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ විදේශ භාෂාවන් ඉගැන්වීම ගැන අභයතිස්ස හිමිගෙන් චෝදනාවක්

බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ විදේශ භාෂාවන් ඉගැන්වීම ගැන අභයතිස්ස හිමිගෙන් චෝදනාවක්

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ විදේශ භාෂාවන් ඉගැන්වීම තුළින් අද වනවිට ප්‍රධාන භාෂාවන් ඉගැන්වීම යටපත් වී ඇතැයි පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ චෝදනා කරති.

උන්වහන්සේ වැඩිදරටත් සඳහන් කර සිටින්නේ, පෞද්ගලිකත්වය මත පදනම් ව ආචාර්යවරුන් බඳවාගැනීම තුළින්ද මේ වනවිට ගැටලු සහගත තත්වයක් මතු ව ඇති බවයි.

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ මතුවී ඇති ගැටලු පිළිබඳව වන විමර්ශන වාර්තාව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා වෙත පිළිගැන්වීම පූජ්‍ය බලංගොඩ සෝභිත නාහිමියන් ඇතුලු ස්වාමීන් වහන්සේගේ සහභාගීත්වයෙන් අධ්‍යාපන අමාතයාංශයේ දී ඊයේ (08) සිදුකෙරුණි.

පාසල් ළමුන්ට ලිංගික අධ්‍යාපනය ලබාදීම සඳහා අධ්‍යාපන අමාත්‍යාශය ඇතුළු අධ්‍යාපන, සෞධ්‍ය සහ සමාජීය විශේෂඥයින් විසින් ඉදිරිපත් කළ “අපේ හතේ පොත” නැමති වැඩපිළිවෙලටද පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පසුගියදා දැඩි විරෝධයක් එල්ල කළ අතර මෙතෙක් එයද කඩාකප්පල් වී තිබේ.

Facebook
Twitter
LinkedIn