අධිකරණ කටයුතුවලට බාධාවන අයුරින් වෙබ් අඩවියක පුවත් පළ කළේ යැයි කියන සිද්ධියකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ ඒකකය විසින් ඊයේ (31) අත්අඩංගුවට ගෙන අද (01) දහවල් අධිකරණය වෙත ඉදිරිපත් කළ වෙබ් මාධ්‍ය කතුවරයකු වන ඩෙස්මන් චතුරංග ද අල්විස් මහතා ලබන 14 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අලුත්කඩේ අංක 06 අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මිය නියෝග කර තිබේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111c යටතේ අධිකරයට බලපැමක් වන ප්‍රවෟත්තියක් සිය වෙබ් හි පල කිරීම, එසේ පල කිරිමට අදාල වෙබ් අඩවියේ ඇඩ්මින්වරයා තමා බව පිලිගැනීම, එ් අනුව පරිඝනක අපරාධ පනතේ 06 වගන්තිය යටතේ ගැනෙන රටේ පොදු යහපත අස්ථාවර කිරිමට කටයුතු කිරිම යන කරුණු යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මාධ්‍යවේදියාට එරෙහිව චෝදනා ගොනුකර ඇත.
එම මාධ්‍යවේදියා ‘සමගි ජන බලවේගයේ’ ප්රචාරක හා මාධ්‍ය කමිටුවේ ප්‍රධානියකුද වන බැවින් ඔහු වෙනුවෙන් පෙනී සිටින බවට එම පක්ෂයට හිතවත් නීතිඥයින් ගණනාවක් එකඟතාවය පළකර තිබුනද අද ඔහු වෙනුවෙන් ඉදිරිපත්ව සිටියේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ශ්‍රිරාල් ලක්තිලක පමණක් බවද වාර්තා වේ.










