මිනීමැරුම් චෝදාන ඔප්පුවීමෙන් සිර දඬුවම් නියම වී සිටින “චොකා මල්ලී” නොහොත් ප්‍රේමලාල් ජයසේකර මහතාට පාර්ලිමේන්තුවට පැමිණිය හැකිද නැද්ද යන්න නීතිපතිවරයාට තීරණය කළ නොහැකි යැයි ජල සම්පාදන අමාත්‍යංශයේ ඊයේ (31) පැවති මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා ප්‍රකාශ කර තිබේ.
ඔහු පාර්ලිමේන්තුවට ගෙන්වනවාද නැද්ද යන්න තීරණය කළ යුත්තේ කථානායකවරයා සහ පාර්ලිමේන්තුව බවත් නීතිපතිවරයාට අධිකරණයේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටීමට පමණක් හැකි බවත් අමාත්‍යවරයා මෙහිදී කියා ඇත.
එහි දී තව දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා තිබෙන්නේ මේ වනවිට ප්‍රේමලාල් ජයසේකර මහතා අභියාචනයක් ඉදිරිපත් කර ඇති බැවින් එය ඉදිරිපත් කළ මොහොතේ සිට වරදකරු වන තෙක් පෙර පැනවුණු දඬුවම අත්හිටවනු ලබන බවය.
අභියාචනාධිකරණයේ දී නඩුව විභාග වෙද්දී පැමිණිල්ල වෙනුවෙන් අධිකරණය ඉදිරියේ පෙනී සිටීමට නීතිපතිවරයාට අවස්ථාව ඇතැයිද අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.
දුමින්ද සිල්වා මහතාද අභියාචනය ඉදිරිපත් කර එයින් වරදකරුවන තුරුත් පාර්ලිමේන්තු පැමැණි බවද මෙහිදී වාසුදේව නානායක්කාර මහතා පෙන්වා දී තිබේ.










