පසුගිය බදාදා (11) උදෑසන ටෙහෙරාන්අගනුවර සිය මෝටර් රථයෙන් ගමන්කරමින් සිටියදී බෝම්බ ප්‍රහාරයකින් ඝාතනයට ලක්වූ ඉරාන න්‍යෂ්ටික විද්‍යාඥ වරයාගේ මරණය සම්බන්ධයෙන් ඇමරිකානු මධ්‍යම බුද්ධි තොරතුරු ඒජන්සි හෙවත් සි.අයි.ඒ. (C.I.A) සංවිධානයයේ සහාය හා උපදේශකකත්වය ලැබුණු බව ඉරානය චෝදනා කරයි.
තම න්‍යෂ්ටික විද්‍යාඥයාගේ ඝාතනය පිටුපස අමෙරිකාව සිටින බවට විශ්වාසදායි සාක්ෂි හා තෙරතුරු තමන් සතුව ඇතැයි ඉරානය පවසයි. ටෙහෙරාන් නුවර සිටින ස්විස්ටර්ලන්ත තානාපතිවරයාට ලිපියක් යොමු කරමින් ඉරාන විදේශ අමාත්‍යාංශය මේ බව ප්‍රකාශ කර ඇත.
කෙසේ වෙතත් ඉරානය න්‍යෂ්ටික විද්‍යාඥයාගේ ඝාතනය සම්බන්ධයෙන් ඇමරිකාව තමන්ට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරයි. මීට පෙර ඊශ්‍රායලයට මේ සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ අතර ඊශ්‍රායලය මෙතෙක් ඊට ප්‍රතිචාර දක්වා නොමැත.



16









