ඉන්ධන මිල වහාම පහත දමන්න – ජවිපෙ යෝජනාව පාණදුරේදී ඒකමතිකව සම්මතයි

ඉන්ධන මිල වහාම පහත දමන්න – ජවිපෙ යෝජනාව පාණදුරේදී ඒකමතිකව සම්මතයි

ලංකා ඉන්දියන් ඔයිල් සමාගමේ (IOC) අත්තනෝමතික ක්‍රියාකාරිත්වය පරාජය කිරීම හා ජාත්‍යන්තර වෙළඳපොළේ බොරතෙල් මිල පහළ යාමේ වාසිය ජනතාවට ලබාදීමට ඉන්ධන මිල පහළ දැමීම සඳහා පාණදුර නගර සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම ඊයේ (21) ඉදිරිපත් කළ යෝජනාව ඒකමතිකව සම්මතවී තිබේ.

පාණදුර නගර සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ නාගරික මන්ත්‍රීවරු වන පියසේන ප්‍රනාන්දු, බන්දුල සොයිසා, ගයා උදයංගනී ද සිල්වා, චන්දිම හෙට්ටිආරච්චි යන මහත්ම මහත්මීන් විසින් මෙම යෝජනාව සභාපවට ඉදිරිපත් කර ඇත.

ඒ අනුව මෙම යෝජනාවට ලංකා ඉන්දියන් ඔයිල් සමාගමේ අත්තනෝමතික ක්‍රියාකාරිත්වය පරාජය කිරීම හා ජාත්‍යන්තර වෙළඳපොළේ බොරතෙල් මිල පහළ යාමේ වාසිය ජනතාවට ලබාදීමට ඉන්ධන මිල පහළ දැමීම සඳහා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම විසින් ගෙන එන ලද යෝජනාවට සභාවේ සියලුම මන්ත්‍රීවරු සහයෝගය පල කර ඇති බැවින් එය ඒකමතිකව සම්මත වී තිබේ.

Facebook
Twitter
LinkedIn