ජීවනෝපාය අහිමි වු පවුල් සදහා මැයි මාසයට අදාල රුපියල් 5000 දීමනාව ලබා දීමට අවශ්‍ය කරන මුදල් සමෘද්ධි බැංකු වෙත ලබා දීමට ප්‍රමාදය වීම සම්බන්ධයෙන් සමෘද්ධි සංවර්ධන නිලධාරී සංගමය සමෘද්ධි දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයාගෙන් විමසා ඇත. මේ සම්බන්ධව එම සංගමයේ ලේකම් චාමර මද්දුමකලුගේ මහතා විසින් අධ්‍යක්ෂකවරයා වෙත ඊයේ (21) ලිපියක් මගින් දැනුම් දී ඇත.
රුපියල් 5000 දීමනාව ලබා දීම සදහා සමෘද්ධි බැංකු සමිති කළමණාකරුවන් හා බැංකු කළමණාකරුවන් වෙත එවන ලද 2020.05.17 දිනැති DSD/HO/05/MF/2020/5 යන ලිපියෙහි අංක 2 හි දක්වා ඇති පරිදි රුපියල් 5000 මෙම දීමනාව ලබා දීම මැයි 18 වැනි දින සිට පවුල් සිටින 2,525,528 වෙත ලබාදීම ආරම්භ කළ යුතු බව උපදෙස් ලබා දී ඇති නමුත්, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් තවමත් සමෘද්ධි බැංකුව වෙත ප්‍රමාණවත් මුදල් ලබා නොදීම නිසා සමෘද්ධිලාභීන් වෙතද රුපියල් 5000 දීමනාව ගෙවා අවසන් කිරීමට නොහැකි වී ඇති බව එම සංගමය අදාල ලිපිය මගින් දන්වා ඇත.
එමෙන්ම සමෘද්ධිලාභීන්ට ජීවනෝපාය අහිමි වු සමස්ත පවුල් 4,825,123 ආසන්න පිරිසකට මෙම රුපියල් 5000 දීමනාව ලබා දී ඇති අතර දිනපතා සෑම මොහොතකම දුරකථන මඟින් විමසීම් කිරීම හේතුවෙන් සමෘද්ධි සංවර්ධන නිලධාරීන් මේ වනවිට දැඩි අපහසුතාවයට පත්ව ඇති බවද එම සංගමය පවසා සිටී.










