මාලිගාවත්තේ හදිසි තෙරපීමකින් කාන්තාවන් තිදෙනෙකු ජීවිතක්ෂයට – 06ක් අත්අඩංගුවට

මාලිගාවත්තේ හදිසි තෙරපීමකින් කාන්තාවන් තිදෙනෙකු ජීවිතක්ෂයට – 06ක් අත්අඩංගුවට

මාලිගාවත්තේ ජනාකීර්ණ නිවාස පෙදෙසක සිදුවු තෙරපීමකින් කාන්තාවන් තිදෙනකු මිය ගොස් තවත් කාන්තාවන් සිව් දෙනකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

ධනවතෙකු විසින් මුදල් ආධාර බෙදා දීමට යාමේදී ඇතිවූ තෙරපීමකින් මෙම කාන්තාවන් තිදෙනා මියගොස් තිබෙන අතර මේ සම්බන්ධයෙන් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සිද්ධියෙන් පුද්ගලයින් 09 දෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇතැයි ද වාර්තා වේ.

සිද්ධිය හේතුවෙන් එම මාර්ගයේ සිට කොළඹට ඇතුලුවීම සහ පිටවීම තාවකාලිව තහනම් කර ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.

මෙම සිද්ධියට අදාළව ආධාර බෙදාදීම සංවිධානය කළ පුද්ගලයකුද මාලිගාවත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම මුදල් බෙදා දීමේ අවස්ථාව සඳහා එම ප්‍රදේශයේ 300ක පමණ පිරිසක් සහභාගී වී ඇතැයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි.

මෙම මුදල් බෙදා දීම සිදු කර ඇත්තේ දෙහිවල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු බවද වාර්තා වෙයි.

මෙම ස්ථානය එම ව්‍යාපාරිකයාගේ මෝටර් රථ අමතර කොටස් ගබඩා කර තබන ස්ථානයක් බවත් අදාළ ව්‍යාපාරිකයා දෙහිවල පොලීසියෙන් ඇඳිරි නීති බලපත්‍රරයක්ද ලබා ගෙන ඇති බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පවසයි.

Facebook
Twitter
LinkedIn