රටේ වර්තමානයේ ගොවි ජනතාව හා සාමාන්‍ය ජනතාව ආහාර වගා සංග්‍රාමයට වඩාත් උනන්දුවෙන් ඉදිරිපත්ව ඇති මේ මොහොතේ තවත් සති කීපයකින් විශාල අස්වනු ප්‍රමාණයක් වෙළඳ පොලට පැමිනෙන් බවින් නිසි කළමනාකරණ සැලස්මක් හා වැඩ පිළිවෙලක් සකස් කරන ලෙස සමස්ත ලංකා ගොවිජන සම්මේලනය ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි.
එම් සම්මේලනය විසින් ඊයේ (18) දඹුල්ලේ කැඳවා තිබු මාධ්‍ය හමුවක් අමතමින් එහි ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා මේ බව පැවසී ය.
එම මාධ්‍ය හමුවේදී සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ප්‍රධාන ලේකම් ටි.බී සරත් මහතාද අදහස් දැක්වූහ.
රටේ පවතින පොහොර හිඟය හා ලොකු ලුණු බිජ හිඟයත් වංචනිකව ව්‍යාජ බිජ අලෙවිය පිළිබදවත් ඔවූහු එහිදී අදහස් පළකළහ.
ජාතික කමිටු සාමාජිකයින් වන සුනිල් රණවීර සහ ඩබ්ලිව්.එම් තිලකරත්න යන මහත්වරුන්ද ඊට එක්වී සිටිය හ.
නාමල් කරුණාරත්න මහතා අදහස් දක්වමින්…
ටී.බී සරත් මහතා අදහස් දක්වමින්…
බී ලූණු ගොවියා මුහුණදී ඇති ප්‍රශ්න පිළිබඳව…










