රත්නපුර දිස්ත්‍රික්කයට ලැබුණු වර්ෂාපතනය මිලිමීටර් 150 ඉක්මවා ඇති බැවින් එම දිස්ත්‍රික්යේ අයගම, රත්නපුර, ඇලපාත, කලවාන සහ කිරිඇල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට ගොඩනැගිලි පර්යේෂණායතනය මගින් නායයෑමේ රතු නිවේදන නිකුත් කර තිබේ.
එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි නාය යාම් අධි අවදානම් කළාපයේ ජීවත් ජනතාවට ආරක්ෂාකාරීව එම ප්‍රදේශවලින් ඉවත් වන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දැනුම් දී ඇත.
එමෙනම් රත්නපුර, කුරුවිට, අයගම, කිරිඇල්ල සහ ඇලපාත යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල කලු ගංගා පිටාර තැන්නට අයත් පහත් බිම්වල සුලු ගංවතුර තත්වයක් ඇති වේ යැයි වාරිමාර්ත දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
මේ අතර පසුගිය පැය 24 තුළ කලු ගංගා ද්‍රෝණියට ඉහළ වර්ෂාපතනයක් ලැබී ඇති බැවින් කලු ගංගා වේ සහ අතු ගංගාවල ජල මට්ටම ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
Views: 0









