හයිටියේ සේවයෙහි නියුතු ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 100 දෙනෙකුගේ වෛද්‍ය අවශ්‍යතා සපුරාලීම සඳහා කියුබානු වෛද්‍ය කණ්ඩායමක් හයිටි ජනරජය වෙත පිටත් කර යවා තිබේ.
හයිටියේ ඇඟලුම් අංශයේ සේවය කරන 100කට අධික පිරිසකට සහාය ලබා දෙන ලෙස ශ්‍රී ලංකා රජය විසින් කරන ලද හදිසි ඉල්ලීම මත, පස් දෙනෙකුගෙන් යුත් මෙම වෛද්‍ය කණ්ඩායම කියුබානු බලධාරීන් විසින් පිටත් කරනු ලැබ ඇත.
ඉකුත් 07 වැනි දින හයිටිය වෙත පැමිණි මෙම වෛද්‍ය කණ්ඩායම, කොවිඩ්-19 වසංගතය ව්‍යාප්ත වීම වැළැක්වීම, නිරන්තර සෞඛ්‍ය පරීක්ෂාවන් සහ අවශ්‍යතා ඇති අයට ප්‍රාථමික ප්‍රතිකාර ලබා දීම සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ආකාරය පිළිබඳව ශ්‍රී ලාංකික සේවකයින්ට උපදෙස් ලබාදී තිබේ.
වෛද්‍ය කණ්ඩායමක් යැවීමට කටයුතු කිරීමට සම්බන්ධයෙන්, විදේශ අමාත්‍යංශයේ දී කියුබානු තානාපති ජුවානා එලේනා රමෝස් රොඩ්‍රිගුස් මැතිනිය සමඟ පැවති සාකච්ඡාවකදී විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කියුබානු රජය වෙත සිය ප්‍රසාදය පළ කර ඇත.
කියුබාවේ සහ කැරිබියානු කලාපයේ පවතින තත්ත්වයන්, කැරිබියානු ප්‍රජාවේ (CARICOM) ක්‍රියාකාරකම් මෙන්ම, කියුබාව සහ යුරෝපීය හා ආසියානු කලාප අතර සම්බන්ධතාවය පිළිබඳවද කියුබානු තානාපති ජුවානා එලේනා රමෝස් රොඩ්‍රිගුස් මැතිනිය විදේශ අමාත්‍යවරයාව දැනුවත් කර තිබේ.










