සුදුවෑන් මාධ්‍ය සාකච්ඡාවට අදාළ සිද්ධියේ තෙවැනි සැකකරු වන හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට නියෝග කරමින් කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (13) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝගයක් නිකුත් කර තිබේ.
කොළඹ මහාධිකරණය මගින් අද පෙරවරුවේ ලබාදුන් ප‍්‍රතිශෝධන ඇයැදුම්පත‍්‍ර නියෝගයකට අනුව සැකකාර රාජිත සේනාරත්න මහතාගේ ඇප ප‍්‍රතික්ෂේප කළ කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරිය සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස නියෝග කර ඇත.
මෙම සිද්ධියට අදාළ වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් කොළඹ මහාධිකරණයේ තීන්දුව අධිකරණයට දැනුම් දුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීහු රාජිත සේනාරත්න මහතා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටියහ.
එම ඉල්ලීම සළකා බැලූ මහෙස්ත‍්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අදාළ නියෝගය නිකුත් කර තිබේ.










