තැපෑලේ අප්‍රේල් දිනක වැටුප බලෙන් කපයි

තැපෑලේ අප්‍රේල් දිනක වැටුප බලෙන් කපයි

කෝවිඩ් අරමුදලට යැයි කියමින් තැපැල්පතිතුමන් අත්තනෝමතික ලෙස තැපැල් සේවකයින්ගෙන් කපාගත් අප්‍රේල් මස දිනක වැටුප නැවත සේවකයින්ට ලබාදෙන ලෙස ලංකා තැපැල් සේවක සංගමය පවසයි.

මෙම මුදල් කපා ගැනීම සඳහා සේවකයින්ගේ කිසිදු කැමැත්ත පලකිරීමතම් සිදු නොවූ බවත් පොදුවේ රජයේ තීරණයකට හෝ චක‍්‍රලේඛ, ගැසට් නිවේදන කිසිවක් නොමැතිව මෙම කපා ගැනීම සිදුකර ඇති බවත් එම සංගමයේ ලේකම් ඩී.එම් විජේරත්න මහතා පවසයි.

එලෙස තැපැල්පතිතුමන් අත්තනෝමතික ලෙස සේවකයින්ගේ වැටුපෙන් කපාගන්නා ලද දිනක වැටුප සේවකයින්ට ලබාදීමට කටයුතු කරන ලෙස එම සංගමය මගින් තැපැල් අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් ඉල්ලා ඇත.

Facebook
Twitter
LinkedIn