මැතිවරණ කොමිසමේ නිර්දේශයන්ට පටහැනිව යමින් ආණ්ඩුවේ රාජ්‍ය ඇමතිවරුන්ට තමන්ගේ අපේක්ෂකත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා නිල වාහන පාවිච්චි කිරීමට ආණ්ඩුව පසුගියදා ගෙන ඇති කැබිනට් තීරණයට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ විසින් මැතිවණ කොමිසමට ලිඛිත පැමිණිල්ලක් බාරදී තිබේ.
ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සබික, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් අදාළ පැමිණිල්ල ඊයේ (10) මැතිවරණ කොමිසම වෙත බාරදුන් අතර ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික, නීතීඥ සුනිල් වටගල මහතාද ඊට එක්වී සිටි යහ.
Views: 0










