මෙවර ලැයිස්තුවට ජනාධිපති ගෝඨාභයගේ නමත් එක්වෙයි…

මෙවර ලැයිස්තුවට ජනාධිපති ගෝඨාභයගේ නමත් එක්වෙයි…

ඇමරිකානු පුරවැසිභාවය ඉවත්කරගත් පුද්ගලයන්ගේ නවතම ලැයිස්තුවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම ඇතුළත් වී තිබේ.

ඇමරිකානු බදු ගෙවන්නන්ගේ වගකීමෙන් නිදහස් වන්නන්ගේ නාම ලේඛනය අද (08) නිල වශයෙන් නිකුත් කළ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නමද එහි ඇතුළත් වී තිබේ.

එම ලැයිස්තුවේ නම් සඳහන්ව ඇත්තේ 2020 මාර්තු 31 දායින් අවසන් වන කාර්තුව වනවිට ඇමරිකා එක්සත් ජනපද ෆෙඩරල් රජයේ භාණ්ඩාගාර ලේකම් වරයාට ලැබී ඇති නම් බවද එහි සඳහන් වෙයි.

ඇමරිකා එක්සත් ජනපදයේ ෆෙඩරල් රජයේ ආදායම් බදු පිළිබඳ ආයතනය කාර්තුවකට වරක් එම ලේඛණය නිකුත් කරයි.

Facebook
Twitter
LinkedIn