ඊයේ (07) රාත්‍රීයේ වැලිමඩ ප්‍රදේශයට ඇදහැලුණු අධික වර්ෂාවත් සමග වැලිමඩ-බදුල්ල මාර්ගයේ උමා ඔබ අසල පිහිටා තිබු තෙමහල් ගොඩනැඟිල්ලක් අත්තිවාරමෙන්ම ගැලවී අඩි ගණනක් ප්‍රපාතයට ගොස් තිබේ.
පසුව එම ගැළවී ගිය කොටස නතර වී ඇත්තේ උමා ඔය මධ්‍යයට පෙරළී ගොසිණි.
එම අනතුර සිදුවන අවස්ථාවේ ගොඩනැඟිල්ල තුළ කිසිවෙකු සිට නැත.
උමා ඔය ආශ්‍රිතව පසුගිය කාලයේ උමඟක් හාරා සිදු කළ සංවර්ධන ව්‍යාපෘතියෙන් පසු නායයාම් බහුල වී ඇති බව ප්‍රදේශවාසීහු පවසති.
Views: 0










