ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයින් ගණන 824ක් දක්වා ඉහළට

ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයින් ගණන 824ක් දක්වා ඉහළට

මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 824 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරයි.

ඊයේ (07) දිනය තුළ පමණක් කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 27 දෙනෙකු හදුනාගෙන තිබේ.

මේ වන විට කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 232 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර පුද්ගලයින් 583 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටිති.

කොවිඩ්-19 වෛරසය වැළදීමෙන් මේ වනවිට පුද්ගල මරණ 9ක් වාර්තා වී තිබේ.

Facebook
Twitter
LinkedIn